Wednesday, August 6, 2014

මොහොත


පෙනෙන හැම මායිමකම..
පෙම්වතුන් පෙම් කෙළිති,
මා තනිවම....................
ගස මුල සිසිල විදිමි.
සකියන්
බජව්වේ මිහිර විදිති.........
මා හට එය මිහිරක්ම නොවිණි....
විවිධාකාරයේ පෙම්වතුන්,
විවිධාකාර ලෙස හැසිරෙන්නේ.....
විවිධාකාරයේ සෘන්ගරත්මක දර්ශණ මවමිනි...
බලු පැටිය ටයිල් කැට ඇතිරූ එළිමහන් පොලවේ....
වැතිරී...
අතරින්-පතර,
කන්පට ගහන්නේ.....
යමක් මතක් වූ විලසිනි...........
අහස තනි කලුවරය.
තරුද නිද්‍රාවේය......
මඳ සුළග කුමක්දෝ කියයි......
නමුඳු,
බජව්වේ ඝෝෂාව නිසාවෙන්....
සුළගේ කතාව අපැහැදිලිය.......
ප්‍රදීපන පහනේ ආලෝකය,
මහෝගනී ගසේ අතු අතරින් මාගේ මුහුණටම වැටේ.....
මම තවමත් කල්පනාවේ පසුවේ.............................
සුළගේ කතාව අහන්නට.........
තව තවත්
මට
ආසා සිතේ........................................................

තරුපති අරිරුවන්

No comments:

Post a Comment