Wednesday, August 6, 2014

අප්‍රතිරුප ස්නේහය



නිකිනි මහේ..
තුරු සෙවනේ..
සෙනෙහෙ කතා - සිතුම් පැතුම් 
පාර දිගේ....

සීත රියේ සොදුරු ලොවක 

පැටලී දැවටී
මිහිරි සිනා - සොදුරු කතා
කියයි මගේ රසවන්ති......

මද්දහනේ මහ පාරේ..
හදේ රැදුණු මිහිරි මතක..
එකිනෙක - හිමිහිට
සතොසින් මිමිණෙන්නේ...

කෙමෙන් කෙමෙන් දුක් සුසුමන්
ළය මත සිතුවම් කරමින්
රසවන්ති හෙමින් කෙමෙන්
නොපෙනී යන්නේ..................

තරුපති අරිරුවන්

3 comments: