Wednesday, April 15, 2020

ඉන්නම එන්න!

හෙටින් පසු හැමදාම...
දියවන්නාවේ ඉස්මත්තට,
ඉන්නම එන්න...!

කුඹුක් ගස් සෙවන දෙස 
බලාගෙන....
සියොතුන්ගේ ගීත 
අසාගෙන....

කොට්ටං ගහ මුල,
ගල් බංකුවට
ඉන්නම එන්න!

හිඳ,
ප්‍රේම කරන්නට....
මැරෙණ තුරුම....

-තරුපති අරිරුවන්-
2019/04/09 

2 comments: