දෙතොල වෙව්ලද්දී....
ගත සසල වෙද්දී....
පැතුම් පූ දිද්දී...
සිත තැවුල් දෙයි හවස් වෙද්දී....
අහඹු ලෙස පාරේ
මා දිටිමි ඈ වාගේ
ඒ ඈ තමයි මාගේ
ගත සසල විය ක්ෂණික මාගේ
කාලය ඇතත් මා හට වැට බැදලා
පෙම් මල් සුවද දෙනවා ගත සනසාලා
නෙත ඈ දෙසට යනවා හසරැලි මවලා
දාහත යන නිසා මා තව ලත වෙනවා
ඈ නැවත ආවේ - සරසවිය දෙසට යන්නේ
මා බලා සිටියේ - උණුසුම් පැතුම් මැද්දේ
පැතුම් ඉටු කරමින් - ඈ මදෙස බැලුවේ
සසල සිත සසල ගත - ඈ නිසල කෙරුවේ
හද පෙම් මලේ තව තව පැණි උතුරනවා
ඈ හෙමි හෙමින් සරසවි බිම වෙත යනවා
අමුතු ලොවක මා සොදුරුව තනිවෙනවා
ඈ ගේ සිනහවේ පැටලී ලතවෙනවා
තරුපති අරිරුවන්
මරු මචන් :)
ReplyDeleteස්තුති මිත්රයා!!!
Delete