Tuesday, January 8, 2013

සංවේදනය




දැන් නම් දාඩිය නිවිල නේද?
හ්ම්...............
මොහොතකට කලින්,
මතකද උන් විදිය..........?
හ්ම්...............
දාඩිය පෙරාගෙන......
මයින හම ඇද ඇද
පොල් කටු අඟුරු ගොඩ කර කර
ඒ අඟුරු උඩින් තියල........
කොච්චර නම් රිදුනද, ඒ රස්නියට........
එක දිගටම රත් කලා.......
කිනිහිරේ උඩ තියල
කුලු ගෙඩියෙන් ගහපු පාරවල්.......,
තවමත් මතකයි මට.......
ඒ......
මම යකඩයක් නොවෙන නිසා හිතවතී......

෴කෙත්සෙවනේ රුපුදිවයුරු෴

1 comment: