Friday, January 4, 2013

-කාලෝ අයංතේ-


                                                     -කාලෝ අයංතේ-

කාලෝ අයංතේ කියලා මාතෘකාව දැම්මට ජයතිලක මහත්තයගේ පොත ගැන නෙවේ මේ කියන්න හදන්නේ. ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක් ගැන. ලියන්න කලිංම වැඩි වැල් වටාරම් නැතුව ලියන්න කල්පනා කලා මං. ඒ කීවේ කාටත් තේරෙන බාසාවෙං ලියන්න හිතුවා. සේකර මහත්තයගේ තුංමං හංදිය වගේ කාටත් තේරෙන විදියට ලියන්න හිතුවා.
බොහෝම වැදගත් දෙයක් කියන්න යන්නේ. සිංහලකම ගැන. බෞද්ධකම ගැන.

ශ්‍රී ලංකාවේ මුලු ජන ගහනයෙන් දැනටත් වැඩිම ප්‍රතිශතේ සිංහල බෞද්ධ බව හමෝම දන්නවනේ. ඉස්සරට වඩා ඒ ප්‍රතිශතේ මේ වෙනකොට අඩුවීමක් තිබුනත්, තාමත්  සිංහල බෞද්ධ ජනතාව තමයි ශ්‍රී ලංකාවේ වැඩි හරියක් ජීවත් වෙන්නේ. සිංහල බෞද්ධ ජනගහනය අඩුවෙන්න මුල්ම හේතුව තමා සිංහල බෞද්ධයාගේ පිරිහීම. අන්‍යාගමික කරණය කිරීමේ බලපෑමකුත් නැතුවා නෙවේ. නමුත් මූලික හේතුව පිරිහීම.

වරිං වර සිංහල ජාතිය බේරගන්න දිවි පිඳුව භික්ෂූන් වහන්සේලා මේ රට තුල වැඩ හිටියා. මෑත කාලයේ පැලෑනේ සංඝ පරපුරෙන් ආව ගොගොඩවිල සෝම හාමුඳුරුවෝ ඒකට හොඳම උදාහරණයක්. ඒත් අකාලේ ඒ පිරිත් ස්වරය නිවලා දැම්මා. ආයත් ජාතියට කන කොකා ඇඬුවා. සෝම හාමුඳුරුවන්ගේ වැඩ පිලිවෙල සාර්තක හංද තමයි අගම් බේදයකින් තොරව මිනිස්සු උන්වහන්සේ වටේට එකතු උනේ. ඒ වගේම උන්වහන්සේව අපවත් කරන්නත් ඒක හෙතුවක් උනා අන්තවාදී හිපියන්ට. කොහොම හරි උන්වහන්සේ අපවත් කලට පස්සේ ඒ ඇතිඋන ජාතික ප්‍රබෝධයටත් නැවතීම සටහං උනා.

1505 පෘතුගීසි කාරයො අල්ලන්න කලිං ලංකාව කියන්නේ බොහෝම පිරිසිඳු සිංහල බෞද්ධ රටක්. මං අහල තියෙනව ලංසි ආවට පස්සෙලු කැරපොත්තා කියන සතා ලංකවේ දකින්ඩ ලැබුණෙ කියල. ඊට කලිං ලංකාවෙන් කැරපොත්තන් ගැන වාර්ථා උනේ නැතිලු. මං මේ කතාව ඇහුවෙ කාගෙන්ද කියල කෙලිංම නොකිය පොඩි ඉඟියකින් කියන්නං. මොකද නැත්තං ඒක සදාචාර සම්පන්න නැති නිසා. උසස් පෙළ ජීව විද්‍යාවට ටියුෂන් පංති කරන ක්‍රිස්තියානි ආගම අදහන කැළණිය සරසවියෙන් උපාධිය ගත්ත සීදූව පැත්තෙ සර් කෙනෙක් තමා කීවෙ. ඒකත් එච්චර වැදගත් නෑ කියමුකො. ඇත්ත කතාවනං පොඩ්ඩක් කල්පනා කරල බැලුවොත් ඒක තමා ගොඩක්ම වැදගති කතාව. හොඳයි මං ආයම මුල් මතෘකාවට එන්නම්කෝ.

ඇයි සිංහල බෞද්ධයො අඩු උනේ? ඕකනේ අපේ මුල් කතාව. හරි ආඩම්බරයි කියන්න ඉස්සර සිංහල බෞද්ධ පවුලක ළමයි දුසිං ගනං හිටියා. කියන්න ආඩම්බරයි මගේ අත්තම්මත් ළමයි දුසිමක් වදපු ශක්තිමත් සිංහල බෞද්ධ කාන්තාවක්. මෙහෙම දේකුත් තියෙනවනේ ඒ කාලේ අද වගේ දියුණු ඉස්පිරිතාල පහසුකම් තිබුණෙත් නෑ. මගේ අත්තම්මා ජීවත් උනේ මහනුවරට නුඳුරු කිතුල්ගොල්ල කියන පුංචි ගමේ. හරියට සීතලයි, කූඩැල්ලො පිරිලා ගමන හරි දුෂ්කරයි, පායන කාලෙට වතුර හිදෙනව අදටත් ඉතිං වතුර හොයගෙන කංද පමුලට යන්න ඕන. ඒ වගේ දුෂ්කර පලතක ඉඳං දරුවො දුසිමක් හදපු වඩපූ උස්මහත් කරපු මගේ අත්තම්මා දිරිය කාන්තාවක් වීර කාන්තාවක් නෙවේ කියල කොහොම කියන්නද?  මේ හැම දේකටම කිරිඅප්පොච්චි අත්තම්මට උදව් කලා නැත්තේ නෑ. නමුත් අත්තම්ම ලොකු කැපකිරීම් කලා. අද සිංහල ගෑණියෙක්ට ළමයෙක් හදන්න තරම් ආසාවක් නෑ. ඊට වඩා ආසා ලබ්බෙ ෆිගර් එකට. මොකද උන්ට දරු දුක නෑ. දුක තියෙන්නේ ෆිගර් එක ගැන. ඒත් 45 පයිනකොට දියවැඩියාව, කොලෙස්ටරොල් රටේ නැති හොයාගත්ත නොගත්ත අම්බානක ලෙඩ. පුරසාරං දොඩනව නෙවේ මගේ අත්තම්මා මැරුණේ වයසට ගිහිං දුර්වල වෙලා. ඒ කීවෙ ඕ වගේ ලෙඩක් උන්දැට තිබුණ කියල මම කවදාවත් අහල නෑ. පොඩි කොන්දෙ අමාරුවක් තිබුණලු අන්තිම කාලේ. ඒකත් ඉතිං කදු නැගල බැහැල හැදුන අමාරුවක්. ආසාවකට අද කාලේ ළමයි 3කට 4කට වඩා ළමයි ඉන්න සිංහල බෞද්ධ පවුලක් හොය ගන්න තියේද ලංකාවේ? නමුත් ඒ කලේ තිබුණා.

අද වෙන්නෙ හිනා යන දේවල්. අද සිංහල  ගෑණුන්ට ඉලව්වේ ෆිගර් එකක් තමා ලොකු. ඒ ගැනමයි කතාවත්. ඒත් 50 වෙනකොට ඇති ෆිගර් එකකුත් නෑ. හදපු ළමයෙකුත් නෑ.
ඒත් ඉස්සර කලේ සිංහල කාන්තාවට ළමයිනුත් හිටියා, හොද ෆිගර් එකකුත් තිබුණා, මැරෙනකම්ම ඉහෙං බහින ලෙඩක් තිබුනෙත් නෑ. අද කාලේ වෙන්නෙ අන්තිමට හම්බ කරපුවා මුස්ලිම් මුදලලි කෙනකුට විකුනන එක. මෙතන මම මුස්ලිම් මුදලලි කෙනෙක් කියලම සදහන් කලේ ලොකු හෙතුවක් ඇතිව. ටිකක් කල්පනා කරන කෙනෙකුට ඒක තේරුම් යන්නත් ඉඩ තියෙනවා. කොහොම උනත් ඇත්ත කතාවත් ඕක කියලා හැම කෙනාටම අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා. මුස්ලිම් උදවිය තමන්ගේ ජාතියට ආගමට ආදරෙයි. ඇත්තම කියනවනම් ඒ ඇත්තො තමන්ගෙ වරිගෙ වෙනුවෙන් නැහෙනව. මුස්ලිම් අයට අනුව අල්ලාහ් දෙවි තුමා, නබි තුමා තමා ඉස්ලාම් ආගමික නායකයො වෙන්නේ. මුස්ලිම් අයට අනුව ඒ ආගමේ නිර්මාතෘ වරුන් වෙන්නේ ඔය තුමන්ලා. ඉතිං ඒ වෙනුවෙන් මුස්ලිම් උදවියගේ කැප කිරීම කොච්චරද කියල කියන්න ඕන නෑනේ හැම කෙනාම දන්නවනේ.

මුස්ලිම් උදවිය ඒ අයගේ ආගමට ජාතියට ගොඩක් ආදරේ හංදමයි ඒ අය මුලු ලොකෙ පුරාම පතිරිලා ඉන්නෙත්. මම තව පොඩි දෙයක් කියන්නම්. ඉස්ලාම් ආගම තාමත් පිරිසිදුම ඉස්ලාම්. ඇයි මම එහෙම කියන්නේ? මෙන්න මෙකයි හෙතුව. කවදාවත් දැකල තියෙනවද මුස්ලිම් කෙනෙක් කතරගම යනවා. ඒ අය ශ්‍රී පාදය වන්දනා කරන්න යන්නෙත් ඒ උදවියගේ ආගමික විශ්වාසයක් තියාගෙන. ඒත් බෞද්ධයො එහෙමද? ටිකක් හිතල බලන්න. පිරිසිදු බෞද්ධයො දෙවියන් වදින්නෙ නෑ. දෙවියන්ට පිං අනුමොදන් කරනව විතරයි. නමුත් අද හින්දු ආගමික දෙවිවරු වන්දනාවෙ යනව කන්නලව් කර කර. කව්ද අද සතර වරම් දෙවියන්ට වදින්නේ? කිසිම කෙනෙක් නෑ. හින්දු උදවිය ඒ ඇත්තන්ගේ දෙවිවරු වන්දනා කරන එක ඒ අයගේ ආගමේ විදිය. ඒත් අපේ ආගමේ විදිය ඒකද? ඔය දේවල් නිසා තමයි අපිට මූලිකවම වරදුනේ. අවංකව හිතල බලන්න මේ දේවල් අත්තද බොරුද කියල. තව එක වැදගත් මූලික දෙයක් තියෙනව කියන්න. ඒක තම තාමත් සුද්දගේ අහවල් එක ලෙවන්න ආසවෙන් ඉන්න, තමන් තමයි කෙරුමො කියල හිතන් ඉන්න බේබද්දො රෑල. ඒක වෙනම මතෘකවක් විදියට කතා කරන්න තරම් දේවල් තියෙන දෙයක්. ඒක නිසා ඒ ගැන පසුවට කියන්න බලාපොරොත්තු වෙනවා. මේ කියපු  දේවල් ගැන හොදට හිතල බලන්න හිතවතුනි. අතීතය දෙස බලා සුසුම්ලන්නට නොව එහි වූ ඥානනයෙන් මතු දවස ගොඩ නගන්නට කාලයයි මේ..............

ලඟදීම නැවත හමුවෙමු.
බුදු සරණයි!!!
෴කෙත්සෙවනේ රුපුදිවයුරු෴

1 comment: