Monday, December 31, 2012

අම්මා


             

ශ්‍රී පාද කන්ද මුදුනින්
දිවයුරු නැගේ පිරිපුන්
සියොතුන් හඩත් සමගින්
පුෂ්ප හිනැහේ සුවඳ බෙදමින්

මුලු ලොකෙටම එක
පිං බර බිමයි ලක් දිව
බොඳු සිසිලස දැනෙන
රත්න දීපය මගේ සිරි ලක

සෙංකඩගල පුරේ දළදා හිමි වැජඹේ
හඳ කිති කවන බෙර හඬ ඒ දෙසින් ඇසේ
සවන පිරෙන විට දළදා පදෙන් අනේ
සාදු කාර හඬ පතිරෙයි සතර දෙසේ

ඇත සරු සාර කෙත් වතු තව වෙල්ලස්සේ
මහ වැව් අමුණු දිය සපයයි අනුරපුරේ
කඳු පෙල හඩය සිරි බර වූ හන්තානේ
තවමත් මැණික් උපදිනවා රත්නපුරේ

දාගැබ දිලේ ඉස්මත්තේ තිස්ස වැවේ
විරිතට ගලා එයි මහ පිරිතේ රාවේ
ප්‍රීතිය දැනේ බුදු සමිදුන් වැඩිය ලෙසේ
සාදු කාර හඬ තොල් අඟ නිති මිමිනේ

෴කෙත්සෙවනේ රුපුදිවයුරු෴

No comments:

Post a Comment