Monday, May 6, 2013

විකාරය

කවිය රචනාවක් නොවූයේ එය කවියක් නිසාය.

රචනාවට කවිය ලෙස නොකියනුයේ....

එය කවියක් නොවන නිසා මිස,

රචනාවක් නොවන නිස නොව.

කවිය රචනාවක් නොවූයේ එළිසමය නිසාවත්,

ඌනිත විරිත නිසාවත් ,

නොව...

නත්‍යාර්ථයෙන් අත්‍යාර්ථය ප්‍රබෝධමත් වූ කල....

ඇතිවන විකාරය,

හැඟීම් මතු කරවන බව නම්,

හැබෑය.....


෴කෙත්සෙවනේ රුපුදිවයූරු෴

No comments:

Post a Comment