Thursday, February 21, 2013

අපේ සියනෑව


සිංහල රටේ දිදුලන මිණි කැටය           වැනි
මිඟිදු නාද නිති රැව් දෙන පුරය              සිරි
බත බුලතින් කිරි පැණියෙන් නිති      සපිරි
ආඩම්බරයි මම සියනෑවේ               පුතෙකි

පොල්වතු රබර් වතු සියනෑවේ            එමට
තේවතු නැතත් සරු සාරයි වෙල්     හොඳට
මීගමු මාලු අදටත් විකිණෙයි           හොඳට
ආඩම්බරයි සියනෑපුර සිරි                  ලකට

යක්කල වෙද මැඳුර ලංකාවටම            එක
ගම්පහ මල්වත්ත කිරුලකි රටට           අද
පරසිදු කවියො ඇත සේකර වැනි       එමට
මුලු ලෝ පරසිදුය අප සියනෑ පුරය        අද

෴ කෙත්සෙවනේ රුපුදිවයුරු෴

No comments:

Post a Comment