Monday, September 1, 2014

ජයන්තිය

දින දින වැඩිවෙනවා  - සෙනෙහේ උතුරනවා
කාලය ගත වෙනවා - අපි තව ලංවෙනවා

ගෙවුණු මේ පොඩි     කාලේ
හද සින්න විය ඔබට     මාගේ
නැත කරනු වෙන දෙයක්  නෝනේ
සදා කල් ඉමු මෙලෙස සොදිනේ

හද කිති කැවෙයි සතුටින් මගේ නිරතුරු ව
ආඩම්බර හැගුම් සමගින්  මනහර ව
ගෙවූ සිව් වසර රසවත් නොවේද ම ට
ඉතින් බැදෙමු සොදුරියේ නව වසරක ට


නිකිණි මසක එක්විසි දින දුන් බහට
සිව් වෙනි වසර ගෙවිලා යයි අද දිනට
දොරේ ගලා යන සෙනෙහස් ගගුල මැද
ආසිරි පැතුම් මල් පූදියි අප නමට

තරුපති අරිරුවන්

No comments:

Post a Comment